Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝල ගෙනා පාසල් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

2 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලි මඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශාලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනෙකු සැකපිට අත් අඩංගුවට අඹගස්දෝව පොලිසිය පවසයි.

ජනාධිපති අපේක්ෂක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේ ආරක්ෂාව සදහා අවට පොලිස් ස්ථාන වලින්ද නිළධාරීන්ද කැදවා තිබුණි.

එම රැස්වීම පැවැත්වෙන අතරතුරදී ඌව පරණගම ප්‍රදේශයේ පදිංචි පාසැල් සිසුවකු හා විශ්ව විද්‍යාල සිසුවකු රැස්විම් ශාලාවට ඇතුළු වීමට උත්සහා දැරීමේදි එහි සිටි අඹ දෝව පොලිසිය හා බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයේ පොලිස් නිළධාරින් විසින් පරික්ෂාවට ලක්කර තිබේ.

එම තරුණයන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබි හමුවීමෙන් පසු ඔවුන් අත් අඩංගුවට ගෙන මෙසේ වැලිමඩ පොලිසියට භාරදුන් බව අඹගස්දෙව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.එස් රත්නායක මහතා පවසයි.

තම දෙමාපියන් එම රැස්විම් ශාලාවේ සිටිම නිසා තමන් දෙදෙනා ආපසු නිවෙස් බලා යන බවට දැනුම්දිම මෙසේ රැස්විම් ශලාවට පැමිණි බවට පැවසූ බවත් වැලිමඩ පොලිසිය පවසයි.

(source – lankadeepa)