Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශීතල කදුකරයේ ප්‍රබල ඇමතියෙක් දේශපාලන කරණමකට සැරසෙයි

2 years ago

උඩරට ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක නායකයෙකු ළගඳීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට සහාය දීම සඳහා ඉදිරිපත් වනු ඇති විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර ඇතැයි ජාතික පුවත්පත වාර්තා කර තිබෙනවා.

එම වාර්තා අනුව එම ප්‍රබල දේශපාලඥයා මේ වන විට වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යංශයක් දරන්නෙක් වන බව සඳහන්.

එමෙන්ම උඩරට පළාතේ ප්‍රබල වෘත්තීය සමිති නායකයෙකු ද වන මෙම අමාත්‍යවරයාගේ පරම්පරාවම උඩරට දේශපාලනයේ ඉහළ තනතුරු දරපු අය වේ.

මෙම ප්‍රබල දේශපාලනඥයා සජිත් ප්‍රේමදාසට සහාය පල කිරීම බොහෝ විට එළැඹෙන 15 වන දින හෝ ඊට ආසන්න දිනයකදී සිදුවිය හැකි බව එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර සිටි.