ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඇය අද (9) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජන රැලිය සඳහා එක්ව සහයෝගය පළ කළාය.
බෙන්තර – ඇල්පිටිය ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායකවරිය වශයෙන් කටයුතු කළ ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අවසන් වරට පාර්ලිමේන්තුවට පිවිසි අතර, මේවන විට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන අතර ශ්‍රී 9 ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය, ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභාවල සාමාජිකත්වය දරනවා.


