Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රබල මුස්ලිම් පක්ෂයක පිරිසක් ජනපති සමඟින් එක්වෙයි

2 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිතයින් රැසකගේ සහාය ජනාධිපතිවරයාට ලබාදීමට තීරණය කර තිබෙනවා.

පක්ෂයේ බහුතරයකගේ සහාය ජනාධිපතිවරයාට හිමිව ඇති බවයි ඔවුන් පවසන්නේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිතයින් කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී සහාය පළකරන බව ප්‍රකාශ කළා.

උතුරේ මුසලි ප්‍රාදේශිය සභාවේ එක් මන්ත්‍රීවරයෙකු හැර සෙසු සියලු දෙනා ජනාධිපතිවරයාට සහාය පළකරන බවයි ඔවුන් මෙහිදී කියාසිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.