Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්ද අමරවීර සමගි ජන බලවේගයට ?

2 years ago

තමා සමගි ජන බලවේගයට යන බව පවසමින් එක්තරා වෙබ් අඩවියක් පළ කර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ වනවිට තමා කොළඹ රැදී සිටින්නේ සදුදා හා අඟහරුවාදා දිනවල පමනක් බවත් ඉතිරි සියලු දිනයන්හි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ගම්මානවලට යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරවීම උදෙසා මහජනතාව දැනුම්වත් කිරීමේ කටයුතු සංවිධානය කිරීම සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එවැනි අවස්ථාවක අදාළ වෙබ් අඩවිය විසින් පළකර තිබෙන පුවත මුළුමනින්ම අසත්‍ය බවත්, කිසිසේත්ම තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් පක්ෂයක සාමාජිකත්වය නොගන්නා බවත්, මෙවර ජනාධිපතිවරණයේ දී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා දී ජයග්‍රහණය කරවීම සඳහා මේ වනවිට සියලු පියවර ගෙන අවසන් බවත් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමගි ජන බලවේගයට එක්වන බවට පුවතක් ප්‍රසිද්ධ වෙබ් අඩවියක් මගින් ඊයේ දිනයේදී වාර්තා කර තිබූ අතර එම පුවතට සමාජ මාධ්‍ය තුළ වැඩි ප්‍රචාරයක් ලැබිණි.