Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උපයන විට ගෙවීමේ බද්ද(PAYE TAX) පහළට! අඩුවන ආකාරය මෙන්න!

2 years ago

එළැඹෙන අය වැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව ඇතුළත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජය මගින් අදාළ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර එහි එකඟතාව ඊට ලබාගෙන ඇති බව සඳහන් ය.

එම යෝජනාව අනුව එක් එක් ආදායම් තල වලින් දැනට අයකෙරෙන උපයන විට බදු අඩුකෙරෙන්නේ මෙසේය.

මාසිකව රුපියල් 150,000ක ආදායමක් ලබන  පුද්ගලයෙක් දැනට මාසිකව ගෙවන රුපියල් 3,000ක බද්ද රුපියල් 500කින් රු. 2,500 දක්වා අඩු කෙරෙයි.  

මාසිකව රුපියල් 300,000ක ආදායමක් ලබන  පුද්ගලයෙක් දැනට මාසිකව ගෙවන රුපියල් 7,000ක බද්ද රුපියල් 3,500කින් රු. 3,500 දක්වා අඩු කෙරෙයි.   

එසේම මාසිකව රුපියල් 450,000ක ආදායමක් ලබන  පුද්ගලයෙක් මාසිකව ගෙවනු ලබන රුපියල් 76,000ක බද්ද රුපියල් 12,500කින් රු. 63,500ක් දක්වා අඩුකිරීමට යෝජනා කර ඇත.

මාසිකව රුපියල් 600,000ක ආදායමක් ලබන  පුද්ගලයෙක් මාසිකව ගෙවනු ලබන රුපියල් 120,000ක බද්ද රුපියල් 12,500කින් රු. 107,500ක් දක්වා අඩුකිරීමට යෝජනා කර ඇත.