සිව්වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය සිකුරාදා නිමාවට පත්වුණා.
එහිදී තරගාවලියේ ශූරයින් බවට පත්වූයේ ඉන්දියාවයි.
ඒ රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 22ක් සහ ලෝකඩ පදක්කම් 5ක් සමඟ සමස්ත පදක්කම් 48ක් දිනාගනිමින්.
අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 35ක් දිනා ගැනීමට සමත් විය.
එහිදී ඔවුන් විසින් රන් පදක්කම් 09ක්, රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 17ක් දිනා ගනු ලැබුවා.
එම තරගාවලියේ දී නව දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා වාර්තා 05ක් තැබීමට ද ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් සමත් වුණා.
ඒ, මීටර් 100, මීටර් සියය 4 සහාය දිවීම, මීටර් 200, මීටර් 800 සහ උස පැනීම ඉසව්වලින්.
එම තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ නිලධාරීන්, මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉගෙනුම ලබන පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් පිරිසක් සහ තරගාවලියට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මව්පියන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

