Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොකු මෙන්ඩිස් යටට! පොඩි මෙන්ඩිස් උඩට!

2 years ago

එළැඹෙන නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහි දකුණු අප්‍රිකාවේ පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් හා අධර් ශතකයක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා.

ඒ අනුව, නිමාවට පත්වූ එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලියේදී අසාර්ථක වුණු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක වෙනුවටයි.

මේ අතර, එංගලන්තයේදී කඩුලු රකිමින් සිටියදී පිටකොන්දේ ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට කුසල් මෙන්ඩිස් හෝ සධීර සමරවික්‍රම කඩුලු රැකීම සඳහා සූදානම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව කුසල් හෝ සධීර කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ලෙස අංක 7 ස්ථානයේ පන්දුවට පහරදෙනු ඇති බව සඳහන්.

එමෙන්ම පළමු ටෙස්ට් තරගයේදී පිතිකරණ අනුපිළිවෙළෙහි වෙනසක් සිදු කරමින් කමිඳු මෙන්ඩිස් ඉදිරි පෙළ පිතිකරුවකු ලෙස පන්දුවට පහරදෙනු ඇතැයි පැවසේ.