Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අදින් අවසන්! ප්‍රධාන පක්ෂවල අවසන් ජන රැළි පැවැත්වෙන ස්ථාන මෙන්න!

2 years ago

ජනාධිපතිධූර අපේක්ෂකයන්ගෙ අවසන් ප්‍රචාරක රැලි අද (18) පැවැත්වීමට නියමිතයි.

එම ප්‍රධාන රැලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ස්වාධීන ජනාධිපතිධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ජන රැලිය කොටහේන නගරයේ පැවැත්වීමට නියමිතයි.

සමගි ජනබලවේගය පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන අවසන් ජන රැලිය මරදානේදී පැවැත්වීමට නියමිතයි.

ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහබාගී වන අවසන් ජන රැලිය නුගේගොඩදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන අවසන් ජන රැලිය කැස්බෑවේදී පැවැත්වීමට නියමිතයි.