Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 305කට සීමා වෙයි

2 years ago

ශ්‍රී ලංකා සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සියල්ලන් දැවී ලකුණු 305 කට සිය පළමු ඉනිම නිමා කළා.

කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයට තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 302 ක් ලබාගෙන සිටියා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල කමිදු මෙන්ඩිස් සිය සිව්වන ටෙස්ට් ශතකය ලබා ගනිමින් ලකුණු 114 රැස් කලා.

කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ලබාගනිමින් ඔහුගේ 19 වන ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත්තා.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 36ක්, දිනේශ් චන්දිමාල් ලකුණු 30 ක් සහ පැතුම් නිස්සංක ලකුණු 27 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කලා.

පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් Will O’Rourke කඩුලු 5 ක් සහ Glenn Phillips කඩුලු 2 ක් බිද හෙලුවා.