ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයවන අද (19) දින නිමාවට පත්වන විට, පළමු ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය ලකුණු 255ක් රැස් කරනු ලැබුවා.
ඒ, කඩුලු 04ක් දැවී තිබියදී.
ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 50ක් පිටුපසින් සිටිනේ කඩුලු 6ක් අතැතිවයි.
නවසීලන්තය වෙනුවෙන් ටොම් ලැතම් ලකුණු 70ක් සහ කේන් විලියම්සන් ලකුණු 55ක් රැස්කරගත්තා.
පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා කඩුලු දෙකක් දවා ගැනීමටයි සමත් වුණේ.
ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 305ක් රැස්කරනු ලැබූ අතර අගනා ඉනිමක් ක්‍රීස්ඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 114ක් රැස් කරනු ලැබුවා.
පළමු ඉනිමට පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා කඩුලු 02ක්ද, රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත් වුණා.
නවසීලන්තයට පළමු ඉඔනිම සඳහා තවත් ලකුණු 50ක් හිමියි.

