ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (20) දිනයේදී නවසීලන්ත ඉනිම ලකුණු 340කට සීමා කරගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 35ක් ඉදිරියෙන් සිටිනවා.
දෙවන දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 04ක් දැවි ලකුණු 255ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායමේ සෙසු කඩුලු 06 ලකුණු 85ක් තුළ දැවී යාම විශේෂත්වයක්.
එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් නවසීලන්තය වෙනුවෙන් ටොම් ලැතම් ලකුණු 70ක් සහ කේන් විලියම්සන් ලකුණු 55ක් සහ ග්ලෙන් ප්ලිප් ලකුණු 49ක් රැස්කරගත්තා.
පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 04ක් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 03ක් දවා ගැනීමටයි සමත් වුණේ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 305ක්.
එහිදී කමිඳු මෙන්ඩිස් ලකුණු 114ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 30ක් රැස්කරගත්තා.

