සමගි ජනබලවේගය පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කලහොත් ඔහුගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හට ලැබීමට නියමිතයි.
පසුගිය මහමැතිවරණයේ සමගි ජනබලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් මීළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා වන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියයි.
කෙසේවෙතත් කුමන අපේක්ෂකයා ජයගත්තද දින කිහිපයක් ඇතුළතදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

