ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළා.
මැතිවරණය සඳහා තම කණ්ඩායම ඉතා වෙහෙසකාරී ප්‍රචාරණ කටයුතු සිදු කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ.
අනුර කුමාර දිසානායක මහතා අනාගත ජනාධිපතිවරයා වනු ඇති බවට පැහැදිලි වී ඇති බව ද එහි සඳහන්.


