Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයින් ලබාගත් ඡන්ද සංඛ්‍යාවන් මෙන්න! ෆොන්සේකාට, විජයදාසට හා සීලරතන හිමිට නොසිතූ ඉරණමක්!

2 years ago

2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915ක්.

එය ප්‍රතිශතයක් ලෙස 42.31%ක්.

දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 32.76%ක් වනවා.

රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන සිටි ඡන්ද සංඛ්‍යාව 2,299,767කි. එය ප්‍රතිශතයක් ලෙස 17.27%ක්.

පළමු වටයේ ගණන් කිරීම අනුව කිසිඳු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොමැති බැවින් ලංකා ඉතිහාසයේ පළමුවරට දෙවෙනි මනාපය ගණන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළා.

දෙවැනි මනාප ගණන්කිරීමට පෙර අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 5,634,915 හිමිව තිබූ අතර, ඊට දෙවැනි මනාප එක්කිරීමෙන් පසු ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව සඳහන් වූයේ 5,740,179 ලෙසටය.

එමෙන්ම දෙවැනි මනාප ගණන්කිරීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,363,035 හිමිකරගෙන සිටි අතර, ඊට දෙවැනි මනාප එක් කිරීමෙන් පසු ඔහුගේ ඡන්ද සංඛ්‍යාව 4,530,902 ලෙස දැක්විණි.

මේ අතර එක් එක් අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහතින්,