Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ මැතිවරණය පිළිබඳව රනිල් තීරණයක් ගනී

2 years ago

මහ මැතිවරණයට අලියා ලකුණෙන් ඉදිරිපත් වීමට සුදානම් වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ කළමනාකරණ කමිටුවට ඊයේ (22) දැනුම් දී ඇත.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පැවති එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුවේදී ඔහු මේ බව දැනුම් දී ඇත.

එමෙන්ම දිවයිනේ සැම දිස්ත්‍රික්කයක් සඳහාම නාම යෝජනා සකස් කිරීමේදී නවකයන් පස්දෙනකුට අවස්ථාව ලබා දෙන ලෙසද ඔහු එහිදී වැඩිදුරටත් උපදෙස් දී ඇත.

මෙම සාකච්ජාවේදී ජනාධිපතිවරණයේ ප්‍රතිපල විශ්ලේශණයක්ද සිදු කර ඇති බව සඳහන්.