විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර සිය අමාත්‍යාංශයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.
අමාත්‍යවරයා සිය ඉවත්වීම පිළිබඳව සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණා.
පසුගිය ඉරිදා (22) දිනයේ රජයෙන් ලබා දුන් සියලුම වාහන සහ අමාත්‍යාංශය විෂය පථයට අයත් සියල්ලම භාර දුන් බව අමාත්‍යවරයා එම සටහනෙහි සඳහන් කර තිබෙනවා.
එමෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් ඉවත්ව යන විට දී වඩා ශක්තිමත් මූල්‍ය තත්ත්වයන් සහ විදුලිබල උත්පාදනය සහ ඉන්ධන සැපයීම සඳහා ප්‍රමාණවත් ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගල් අඟුරු තොග සහිතව එය භාර දුන් බවද ඔහුගේ සටහනේ සඳහන්.
රටේ සියලුම ආයතන මේ වනවිට යම් කිසි අයුරකින් ධනාත්මකව පවතින බවත්, එහි සේවාවන් සඳහා පිරිවැය අයකර ගැනීම, සැපයුම්කරුවන් සඳහා නියමිත වේලාවට ගෙවීම් කිරීම, හිඟ ණය සඳහා සේවා සැපයීම සහ එය උපයන අමතර ආදායමෙන් භාණ්ඩාගාරයට සැපයීම සහ සහාය වීම යනාදී කටයුතු සිදු කර ඇති බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.
සිය නිල X ගිණුමෙහි කාංචන විජේසේකර වැඩිදුරටත් පවසා ඇත්තේ,
“එමෙන්ම 2022 දී පැය 4-13 ක විදුලි කප්පාදුවක්, ඉන්ධන තත්ත්වයක්, ගල් අඟුරු නොමැති වීම්, ඛනිජ තෙල් නිෂ්පාදන, සැපයුම්කරුවන්, මුදල් හිඟවීම් මධ්‍යයේ පැවති රටට අවශ්‍ය විදුලි උත්පාදනය, ගල් අඟුරු සැපයීම්, ඛනිජ තෙල් නිෂ්පාදන ආදිය ප්‍රමාණවත් පරිදි සැපයීමට ඇති පසුබිමක් ශේෂ කරමින් සහ ඉන්ධන සහ බලශක්ති උත්පාදනය අඛණ්ඩව සැපයීම ස්ථාවර කරමින් මම මින් පිටත් වෙමි” යනුවෙනි.

