බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනවල මිල හැකි අයුරින් අඩු කිරීමට පියවර ගන්නයි සියලුම බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේ බිත්තර මිල ඉහල යාම හමුවේ බේකරි හිමියන් කිසිම අයුරකින් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදන වල මිල වැඩි කිරීමට පියවර නොගත් බවයි.
අද වන විට බේකරි හිමියන් බිත්තරයක් රුපියල් 30 ක තොග මිලකට මිලදී ගැනීම සිදු කරන බවත් ඔහු කියා සිටියි.

