Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කමිඳුගෙන් තවත් ශතකයක්

2 years ago

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 2වන ටෙස්ට් තරගයේ දෙවන දිනය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට කමිදු මෙන්ඩිස් සමත් විය.

ඒ, පන්දු 147කට මුහුණ දෙමින්.

කමිඳු මෙන්ඩිස් ටෙස්ට් වරම් හිමි කරගැනීමෙන් අනතුරුව තරග 8කදී අඛණ්ඩව ලකුණු 50ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන ඇති අතර එය ලෝක වාර්තාවක්වීමත් විශේෂත්වයක්.

මීට පෙර පාකිස්ථානයේ සෞඩ් ශකීල් අඛණ්ඩව තරග 07කදී ලකුණු 50ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාව ලබා මෙම වාර්තාව පිහිටුවා තිබුණා.