ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් විය.
ඒ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් හා සමවෙමිනි.
ඔහු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර ඇති අතර ඔහු එහිදී අර්ධ ශතක 4ක් සහ ශතක 5ක් සමග ලකුණු 1,002ක් රැස්කර තිබේ.
කමිඳු සිය වාර්තාව තැබුවේ දැවැන්ත 6 පහරක් එල්ල කරමිනි.
ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ද තරග 7 ඉනිම් 13කින් ලකුණු 1000 සම්පුර්ණ කර තිබුණි.
1950 වසරෙන් පසු වේගවත්ම ටෙස්ට් ලකුණු 1000ක් රැස් කළ පිතිකරුවා වීමටද කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

