වාහන ආනයනයට පෙර රජය ගෙන තිබූ කැබිනට් තීරණයේ වෙනසක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඒ සඳහා අවශ්‍ය වන මුදල් සංචිත මහ බැංකුව සතුව පවතින බවයි ඔහු සඳහන් කළේ.
මහ බැංකුවේ ඊයේ(28) කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.
මේ වසර තුළ ප්‍රතිපත්ති පොලී අනුපාත ද්විත්වය වෙනුවට එක් ප්‍රතිපත්ති පොලී අනුපාතයකට ගමන් කරන බවද ඔහු එහිදී සදහන් කළා.

