මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට එකම සන්ධානයක් ලෙස තරග කිරීම උදෙසා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීමට වැඩි ඉඩකඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එක්සත් ජාතික පක්ෂය පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ සමගි ජන බලවේගය සමග පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා සාකච්ඡා කරන බවයි. ඒ අනුව, පසුගිය දිනවලදී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි.
දෙපාර්ශවය එක්ව තරග කිරීමට නම් එක්සත් ජාතික පක්ෂය විසින් සපුරාලිය යුතු කොන්දේසි කිහිපයක් පිළිබඳව සමගි ජන බලවේග පාර්ශ්වය විසින් යෝජනා කර ඇති බව සඳහන්.
එම කොන්දේසි අතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් සජිත් ප්‍රේමදාසට අගමැති ධුරය හිමිවිය යුතු බවත්, පරාජය වුවහොත් විපක්ෂ නායක ධුරය හිමිවිය යුතු බව මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉවත්වී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට නායකත්වය ලබාදිය යුතු බවට ආදී වූ විවිධ කොන්දේසි ඇතුළත් බව සඳහන්.
නමුත් එම ඇතැම් කොන්දේසි පිළිබඳව එජාපය වැඩි ප්‍රසාදයක් දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී දෙපාර්ශ්වය වෙන් වෙන්ව තරග කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

