Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල් – චන්ද්‍රිකා – සජිත් පොදු සන්ධානයකින් මහ මැතිවරණයට ?

2 years ago

ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් ඉදිරිපත්වීමට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් සහ හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා ආරම්භ කර ඇති බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරනවා.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණයේදී ඔහුට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාකච්ඡා පවත්වා ඇත.

හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන්.

මේ අතර සමගි ජන බලවේගය පක්‍ෂය සමග එක්සත් ජාතික පක්‍ෂය ද ඊයේ පොදු සන්ධානයක් ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.