Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සනත් ජයසූරියට තවත් සේවා දිගුවක්

2 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු සනත් ජයසූරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

සිල්වවුර්ඩ්ගෙන් පුරප්පාඩු වී ඇති එම තනතුර සඳහා සුදුසු අයෙක් පත් කරනතුරු සනත් ජයසූරිය තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරුණි.

ඒ ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවැත්වුණු ක්‍රිකට් තරගාවලි ද්විත්වය සඳහාය.

එම තරගාවලි දෙක නිම වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ නවසීලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ද සනත් ජයසූරිය මහතාව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමටය.

එවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පියවර ගෙන තිබුණේ සනත් ජයසූරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමටය.