මෙවර මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
තවද තරුණයින්ට මෙන්ම වයස අවුරුදු 50ට අඩු අයටද වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි ඒ මහතා කියා සිටියේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිස්වූ දිස්ත්රික්ක හා ආසන සංවිධායකවරුන් කඩිනමින් පත් කරන බවද නාමල් රාජපක්ෂ මහතා ප්රකාශ කළා.
ඒ සඳහා තරුණ නායකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

