Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද මධ්‍යම රාත්‍රියේදී ඉන්ධන මිල දැනෙන අගයකින් පහළට ?

2 years ago

මාසික ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ අදාළ ගාස්තු සංශෝධනය පසුගිය ආණ්ඩු සමයේදී මාසයේ අග සිදු කෙරුණු පසුබිමකයි.

කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණයෙන් ජයගත් ජාතික ජනබලවේගය විසින් ඉන්ධන මිල සූත්‍රය ඉවත් කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැහැ.

ලෝක වෙළඳපොළෙහි ඉන්ධන මිල මේ වනවිට පහළ යමින් පවතින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම මෙරට ජනාධිපතිවරණ වේදිකාවේදී ද ඉන්ධන මිල සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වුණා.

ජනාධිපතිවරණ වේදිකාවේදී ඒ පිළිබඳව අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ පිරිස් චෝදනා කළේ ඉන්ධන මත අසීමිතව බදු පනවා ඇති බවයි.

එම බදු ඉවත් කර ජනතාවට සහන සැලසිය යුතු බව ඔවුන් මැතිවරණ සමයේදී පෙන්වා දුන්නා.

එලෙස පනවා ඇති බදු ඉවත් කළහොත් ඉන්ධන මිලෙහි දැවැන්ත වෙනසක් සිදු වනු ඇත.