Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයට සාපේක්ෂව රුපියලේ දැවැන්ත වෙනසක්

2 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය සතියට සාපේක්ෂව වානිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ අද ගැණුම් වටිනාකම රුපියල් 293.50 ලෙස සටහන් වෙනවා.

එහි විකුණුම් වටිනාකම රුපියල් 302.56ක් ලෙස දැක්වෙනවා.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් පහතින්.

ලංකා බැංකුව – රු. 294.50 – රු. 302.50

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 291.12 – රු. 302.76

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 293.50 – රු. 300.50

සෙලාන් බැංකුව – රු. 293.75 – රු. 301.25

එන්.ඩී.බී. (NDB) – රු. 293.75 – රු. 301.75

අමානා බැංකුව – රු. 295.25 – රු.300.25