2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වූ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ මේ බව දැක්වෙනවා.
2024 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.3% දක්වා අඩු වී ඇති අතර එය අගෝස්තු මාසයේ දී වාර්තා වුයේ 0.8%ක් ලෙසයි.
එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.5% ක් දක්වා අඩු වී ඇති අතර එය අගෝස්තු මාසයේ දී 0.4%ක් ලෙස වාර්තා වුණා.

