Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බංගලාදේශය අසරණ කරමින් ඉන්දියාව ක්‍රිකට් වාර්තා 2ක් අලුත් කරයි

2 years ago

බංග්ලාදේශයට එරෙහිව කාන්පූර්හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ක්‍රිකට් පිටියේ සුවිශේෂී වාර්තා දෙකක් අලුත් කිරීමට ඉන්දියාව අද (30) සමත් විය.

ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් වාර්තාකළ වේගවත්ම ශතකය හා වේගවත්ම අර්ධ ශතකය අලුත් කළේය.

ඉන්දියාව පන්දුවාර 10.1කින් ශතක කඩයිම පසුකර ගියේය. කෙසේ නමුත් මෙහි පෙර වාර්තාවද ඔවුන් සතුවම තිබුණි.

ඔවුන් මීට පෙර වේගවත්ම ටෙස්ට් ශතකය 2023 වසරේදී බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව කොදෙව් දූපත්හිදී පැවති තරගයේ දී ක්‍රීඩාකර තිබිණි. එවර ඉන්දියාව පන්දුවාර 12.2කින් ශතකය සම්පූර්ණ කර ඇත.

එමෙන්ම ඉන්දියාව මෙම ඉනිමේදී අර්ධ ශතක සීමාවද පන්දුවාර 3කදී සම්පූර්ණ කිරීමට සමත් විය. එයද ටෙස්ට් ක්‍රිකට් පිටියේ වේගවත්ම අර්ධ ශතකය විය.

ඉන්දියාව බිඳදමනු ලැබුවේ මෙම වසරේදීම එංගලන්තය විසින් බ.ඉ. කොදෙව්වට එරෙහිව පන්දුවාර 4.2කදී පිහිටුවා තිබූ වාර්තාවයි.

මේ අතර ඉන්දියාව මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු ආකෘතියක පන්දුවාර 3කදී අර්ධ ශතකය සම්පූර්ණ කර නොමැතිවීමද විශේෂත්වයකි.

මෙම තරගයට දින දෙකකට අධික කාලයක් වර්ෂාවෙන් බාධා වුණ අතර තරගයේ පළමු ඉනිම සඳහා බංගලාදේශය ලකුණූ 233ක් රැස් කළහ.

බංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මොමිනුල් හක් ලකුණු 107ක් රැස් කළේය.

නායක නජ්මුල් හොසේන් ලකුණු 31ක් රැස්කර සිටියදී දැවී ගියා.

සෙසු ක්‍රිඩකයින් කිසිවෙකුටත් ලකුණු 25 සීමාව ඉක්මවා යාමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3ක් බිඳ හෙලූ අතර පන්දු යැවීමේදී රවී චන්ද්‍රන්, අශ්වින් සහ, ආකාෂ් දීප් කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

ඉන් අනතුරුව පන්දුවට පහරදීම ඇරඹූ ඉන්දියාව, සිය පළමු ඉනිමට පන්දුවාර 34.4ක් ක්‍රීඩාකර කඩුලු 09ක් දැවී ලකුණු 285ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

ඒ වනවිට ඔවුන් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 52ක් ඉදිරියෙන් සිටියේය.