ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීමේ අරමුණින් බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ගණනය කිරීම් ආරම්භ කර ඇති බවයි, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවේ.
ඒ අනුව අද (01) දිනය ඇතුළත නව බස් ගාස්තු ප්රකාශයට පත් කිරීමට නියමිතයි බව වැඩිදුරටත් සඳහන්.
මේ අතර බස් ගාස්තුව සියයට 4කින් අඩු කිරීමට හැකියාවක් පවතින බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්රධාන ලේකම් අංජන ප්රියන්ජිත් මහතා පවසනවා.

