Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ප්‍රබල ඇමතිවරයෙක් හා මන්ත්‍රීවරයෙක් දිලිත් ජයවීර සමගින් එක්වෙයි

2 years ago

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබේ.

පසුව ඔහුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණි.

එසේම හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මව්බිම ජනතා පක්ෂයේ උපසභාපතිවරයා ලෙස අද (02) සිය පත්වීම ලබා ගත්තේය.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ද මව්බිම ජනතා පක්ෂය හා එක්ව ඇත.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂයේ සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.

එමෙන්ම හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා මව්බිම ජනතා පක්ෂයේ කටාන ආසන සංවිධායක ලෙස ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අතින් පත්වීම් ලබාගත්තේය.