Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරයි

2 years ago

හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නැවතත් නීතීඥ වෘත්තියේ වැඩ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

“මම අයිති තැනට නැවත පැමිණීම සතුටක්.” යනුවෙන් X ගිනුමට සටහනක් යොදමින් ඔහු මේ බව සැල කර තිබේ.

මීට මාස ගණනාවකට පෙරම පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතදීත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට දේශපාලන ක්‍රමය පිළිබඳව තමා දැඩි කලකිරීමකින් පසුවන බවයි.

අලි සබ්‍රි මහතාගේ දේශපාලන ආගමනය සිදු වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවීමෙන් පසුවය.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසියේය.

ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේද ආණ්ඩුවල ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ‍ේය.