Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බන්දුල ගුණවර්ධන සිය දේශපාලන අනාගතය පිළිබඳව තීරණයක් ගනී

2 years ago

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) ප්‍රකාශ කළේය.

තමන් වසර විස්සකට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් තනතුරු ගණනාවක් දරමින් කළ හැකි උපරිමයෙන් ජනතාව වෙනුවෙන් සේවය කළ බවත් ඒ මහතා පැවසීය.

හෝමාගම ආසනයේ ජනතාවට තමා සිදු කළ සේවය පිළිබඳව සතුටු වන බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

ඉදිරි වසර කිහිපයේදී තවත් ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනුම් කටයුතු සිදුකරන අතර, සිනමා නිර්මාණයක් කිරීමටත් අදහස් කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

බන්දුල ගුණවර්ධන මහතා පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේ මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් 1989 වසරේදීය.

1994 පාර්ලිමේන්තු මැතිවරණය හැරැණු කොට තමා තරග කළ සෑම පාර්ලිමේන්තු මැතිවරණයක්ම ජය ගැනීමට ඔහු සමත් විය.