Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

2 years ago

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාවට ප්‍රකාරව මන්ත්‍රීධුර 19ක පුරප්පාඩු ඇති වූ බවයි.

ඒ අනුව අවස්ථා 18කදී 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වී ඇති බව සඳහන්.

මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීම් මෙන්ම, මිය යාම් හේතුවෙන් මෙලෙස නවක මන්ත්‍රීවරුන් 16 දෙනෙකුට පාර්ලිමේන්තු වරම් හිමි වී ඇත.