T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 5 වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කළ අද (05) තරගයේ ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
ඒ කඩුළු 06කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්.
අද තරගයේ කාසියේ වාසියෙන් පළමුව පන්දුවට පහර දුන් 9 ශ්‍රී ලංකා කණ්ඩයම පන්දු වාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 93 ක් වාර්තා කිරීමට සමත් වුණා.
පෙර තරගයේදී මෙන් මෙම තරගයේදීද ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක් රැස් කිරීමට සමත් විය.
ඒ අනුව ලකුණු 94 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 02ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 94ක් රැස්කර ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලන තරගාවලියේදී මෙතෙක් මුහුණ දුන් තරග ද්විත්වයම පරාජයට පත් විය.

