වෙළඳපොළේ බිත්තර තොග මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව අද (06) දිනයේ රතු බිත්තරයක තොග මිල රුපියල් 39ක් ලෙසත් සුදු බිත්තරයක තොග රුපියල් 38ක් ලෙසත් සටහන් වනවා.
පසුගිය දින කිහිපය තුළ බිත්තරයක් සිල්ලර වෙළඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිලකට අලෙවි විය.
බිත්තර වැඩි වශයෙන් නිෂ්පාදනය වී වෙළඳපොළට පැමිණීම හා පසුගිය රජය ඇණවුම් කළ බිත්තර තොගයක් වෙළෙඳපොළට පැමිණීම වැනි කරුණු හේතුවෙන් බිත්තර මිල පහත වැටුණු බවයි වෙළඳුන් සඳහන් කළේ.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ බිත්තර මිල තව දුරටත් ඉහළ යනු ඇති බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

