Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පොහොට්ටුව වෙනුවට වෙනත් ලකුණක් ?

2 years ago

ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත්, අවශ්‍ය වුවහොත් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණේ වෙනසක් කළ හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (05) බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයින් සඳහා වන සම්මුඛ පරීක්ෂණ බත් තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාවට එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම් ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් රැසක් එක්ව සිටියා.