Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට සජබයෙන් නාම යෝජනා හිමි නොවන ලකුණු

2 years ago

හිටපු මන්ත්‍රීවරුන් තිදෙනකු සඳහා මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව සමග ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා.

පාක්ෂිකයන්ගෙන් එල්ල වන විරෝධය, ජනාධිපතිවරණයේදී සිය වගකීම හරි හැටි ඉෂ්ට නොකිරීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගැනීමට සැරසෙන බවයි වාර්තා වන්නේ.

එම මන්ත්‍රීවරුන් තිදෙනා අතර පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර පාර්ලිමේන්තුවට පිවිසීමෙන් අනතුරුව සමගි ජන බලවේගය හා එක් වූ මන්ත්‍රීවරයෙකු සිටින බවද සඳහන්.

මේ සම්බන්ධයෙන් දැනටමත් පක්ෂයේ ඉහළ මට්ටමින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ඇති බවද ඔහු සඳහන් කළේය.