ජරාජීරණ දේශපාලන සංස්කෘතිය පසෙකලා රට වෙනුවෙන් වැඩ කළ යුතු කාලය එළැඹ තිබෙන බව සමඟි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පක්ෂයක් ලෙසත් සන්ධානයක් ලෙසත් සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලබා දුන් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙම මැතිවරණය පොදුජනතාවගේ ආශිර්වාදය මත ජයග්‍රහණය කර යහපත් දේශයක්, යහපත් මාතෘභුමියක් ඇති කර රට ගොඩනගන රට සංවර්ධනය කරන යුගයක් කරා නායකත්වය ලබා දෙන බවත් ඒ සඳහා සම්මුතිවාදිව එකමුතුභාවය, සහෝදරත්වය කේන්ද්‍ර කර ගෙන නව යුගයක් උදා කරන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරන ලදී.
අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී දැඩි තරගකාරීත්වයක් තිබූ හෙයින් කාන්තාවන් වෙනුවෙන් ද විශාල ඉඩක් වෙන් කර ඇති බවත් ඉදිරි පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයේ දී 25%ක් ලෙස මීටත් වඩා කාන්තා නියෝජනත්වය ලබා දෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

