Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත් – චම්පික ගැටුමක්! චම්පික රණවක මැතිවරණයෙන් ඉවත් වෙයි!

2 years ago

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමගි ජන සන්ධානයෙන් ඉවත් වී තිබේ.

ඒ ඔහුට එම සන්ධානයේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීම හා ඔහුගේ පක්ෂයට දිස්ත්‍රික් කෝඨාවන් බෙදා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් මතයි.

සමගි ජන සන්ධානය සහ තම පක්ෂය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කර ඇති නිසා මෙවර මැතිවරණයට තරග නොකරන බවද චම්පික රණවක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.