ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මෙවර මහ මැතිවරණය සදහා මාතර දිස්ත්‍රික්කයෙන් තරග නොකිරීමට තීරණය කර ඇත.
ජාතික ජන බලවේගය, සමගි ජන සන්ධානය හා නව ප්රජාතන්ත්රවාදී පෙරමූණ මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමරසිංහ වෙත සිය නාම යෝජනා මේ වන විටත් බාර දී ඇත.
2020 මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කොට මනාප ඡන්ද 114319 ක් ලබා ගනිමින් කරුණා කොඩිතුවක්කු මාතර දිස්ත්‍රික්කයෙන් දෙවැනි තැනද, මනාප ඡන්ද 103534 ක් ලබා ගත් ඩලස් අලහප්පෙරුම තෙවැනි තැනද, මනාප ඡන්ද 80595 ක් ලබා ගත් මහින්ද යාපා අබේවර්ධන පස් වැනි තැනද ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
පසුගිය ජනාධිපතිවරණයේ දී ඩලස් අලහප්පෙරුම හා කරුණා කොඩිතුවක්කු සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය පල කරමින් එම පක්ෂයට එකතු විය.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඩලස් අලහප්පෙරුම මහතා මහ මැතිවරණයට තරග නොකළද ඔහුගේ නම සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා ඇතුළත් කර ඇති බවයි.
එමෙන්ම හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙවර මැතිවරණයට තරග නොකළද නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් ගෑස් ගෑස් සිලින්ඩරය යටතේ ඔහුගේ පුත් චමීර අබේවර්ධන මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට නාමයෝජනා භාර දී ඇත.
මෙවර මහ මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි ඡන්දදායකයින් 686,175ක් සුදුසුකම් ලබා ඇති අතර ඔවුනගේ ඡන්දයෙන් මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට නියමිතය.

