සබරගමුව පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයෙකු වන නවීන් දිසානායක මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර තිබෙනවා.
සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් නවීන් දිසානයක මහතා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ලකුණ වන අලියා වෙනුවට ‘ගෑස් සිලින්ඩරය’ තෝරා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටුමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරණය දි ලක්ෂ 22ක ඡන්දයක් ගෑස් සිලින්ඩර් ලකුණින් තරග කළ ලබාගත් අතර මෙවර එම ලකුණින්ම තරග කළහොත් සැබෑ එ.ජා.ප අපේක්ෂකයින්ට අසාධාරණයක් වනු ඇති බව නවීන් දිසානයක මහතා පවසා තිබෙනවා.
මේ අතර,එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතා එළඹෙන මහමැතිවරණය සඳහා තරග නොකරන බව වාර්තා වෙනවා.

