Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාම යෝජනාවලට අත්සන් තැබූ ප්‍රසන්න රණතුංග ආපසු හැරෙයි! රුවන් මැතිවරණ සටනට!

2 years ago

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ.

ඔහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමු‍ණෙන් ‘සිලින්ඩරය’ ලකුණ යටතේ ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස තරඟ කිරීමට ඔහු ඉකුත් 09 වැනි දින නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබුණත් ඊයේ (10) දිනයේ තමා ඉදිරිපත් නොවන බව ඔහු නැවත දැනුම් දී තිබෙනවා.

මේ අතර මීට පෙර මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කර සිටි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ගම්පහ දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීම සඳහා ඉන් අනතුරුව නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වය ද රුවන් විජේවර්ධනට හිමි වී ඇති බව සඳහන්.