Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාම යෝජනා බාර දුන් සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙයි

2 years ago

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. 

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර මැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාම යෝජනා ඉදිරිපත් කළද තමන් ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටින බව හෙතෙම සඳහන් කරනවා.

“මම විශේෂයෙන්ම කියනවා සමගි ජන බලවේගය සමග තවදුරටත් කටයුතු කරන්න අකමැති නිසා ඒ ඡන්දය මම වෙනුවෙන් පාවිච්චි කරන්න එපා කියලා ඉල්ලනවා. මොකද සජිත් ප්‍රේමදාස අපේ පක්ෂයේ නායකයා ගැන දැඩිලෙස කලකිරිලා කථාකරන්නේ. මම නාමයෝජනා අත්සන්කරලා පැය 24ක් යනකොට ගම්පහ ආසනයේ මගේ ආසන සංවිධායක ධුරය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට වැඩකරපු පුද්ගලයෙකුට මට හොරෙන් ලබා දීලා”