ජනප්‍රිය කලාකරුවෝ රැසක් මෙවර මහ මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් තරග කරනු ලබනවා.
ඒ අනුව, ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සහ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා මයික්‍රෆෝනය ලකුණින් එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයෙන්ද, ගම්පහ දිස්ත්‍රික්කයටත් ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දර ආරච්චි මහතා උවිදු විජේවීරගේ දෙවෙනි පරපුර පක්ෂයෙන්ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තරග වැදීමට නියමිතයි.
මාධ්‍යවේදියකු සහ රංගන ශිල්පියකු වන විමල් කැටපේආරච්චි මහතා කොළඹ දිස්ත්‍රික්කයටත්, රංගන ශිල්පී සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ ජගත් මනුවරණ මහනුවර දිස්ත්‍රික්කයටත්, ජාතික ජන බලවේගයෙන් තරග කරනවා.
රංගන ශිල්පි චමිලා පීරිස්ද හා සම්මානනීය සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනනවා.
මීට අමතරව, රංගන ශිල්පිනී අනුෂා දමයන්ති, රංගන ශිල්පී ජයන්ත කැටගොඩ සහ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්යක්ෂ සුදත් රෝහණ යන අයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම රංගන ශිල්පියකුද වන සුජීව සේනසිංහ මහතා සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, ජනප්‍රිය රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා මෙවර මහ මැතිවරණය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට ඉදිරිපත් වනවා.

