ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තෙවන හා අවසන් 20යි 20 තරගය ඊයේ (12) පැවැත්විය.
එම තරගයේදී අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය හිමි රටක් ජාත්‍යන්තර 20යි 20 තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඔවුන් පන්දුවාර 20 තුලදී ලකුණු 297ක් රැස් කිරීමට කණ්ඩාම සමත්විය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම රැස් කළ මෙම ලකුණු සංඛ්‍යාව දෙවැනි වන්නේ දැනට පෙරමුණේ සිටින ජාත්‍යන්තර 20/20 තරගයකදී නේපාල කණ්ඩායම මොංගෝලියාවට එරෙහිව රැස්කළ ලකුණු 314ට පමණයි.
මෙම තරගයේදී ලකුණු 298ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 164ක් පමණි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 297ක් රැස් කළේය.
මෙහිදී ඉන්දීය කණ්ඩායම පවර්ප්ලේ (පන්දුවාර 6) අවස්ථාවේදී එක් කඩුල්ලකට ලකුණු 82ක් රැස් කළ අතර එය වාර්තා පොත් අතරට එක් වූයේ ඉන්දීය කණ්ඩායම 20යි 20 තරගයක පවර්ප්ලේ අවස්ථාවේදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මෙහිදී අනුකම්පා විරහිත ඉනිමක් ක්‍රීඩා කළ සංජු සැම්සන් පන්දු 40කින් සිය ශතකය වාර්තා කළේය.
එම ශතකය ඉන්දියාව වෙනුවෙන් වාර්තා වූ දෙවැනි වේගවත්ම 20යි 20 ශතකය විය.

