සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය අද (13) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7.00ට ආරම්භ වනවා.
චරිත් අසලංකාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් මෙණ්ඩිස් සහ පැතුම් නිශ්ශංක ඇතුළත් වෙනවා.
මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ වසරකුත් මාස 10කට පසු යළි විස්සයි විස්ස සංචිතයට එක්ව තිබෙනවා.
කෙසේ වෙතත් මේ දිනවල මෙරටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද තරගයට වර්ෂාවෙන් බාධා වීමට ඉඩ ඇතැයි කාලගුණ අනාවැකි පළ වී ඇති බව සඳහන්.


