පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ එක්සත් ප්‍රඡාතන්ත්‍රවාදී හඬ පක්ෂයට එක් වුණා.
ඒ අනුව වතුකරයේ සිය ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ඔහු හාලිඇල වත්තේදී සිය පක්ෂ කාර්යාලයක් විවෘත කරනු ලැබුවා.
හින්දු සම්ප්‍රදායට අනුව පූජාවකට වඩිවේල් සුරේෂ් මහතා සහභාගිවී තිබු අතර එහිදි ජප කළ දිය කළ හතකින් ස්නානය කිරීමද එක් අංගයක් වි තිබු බවට වාර්තා වනවා.
ඔහු එක්සත් ප්‍රඡාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කරනු ලබන අතර මෙවර මහමැතිවරණයට මයික් ලකුණ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරනවා.

