Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල් ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු එන්න හදන හේතුව පොහොට්ටුව හෙළි කරයි

2 years ago

රටේ සියලුම ජනතාව ඉල්ලන තරුණ නායකයා නාමල් රාජපක්ෂ බවත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය උදෙසා එක් දිස්ත්‍රික්කයකට සීමා නොවී රටේ සියලුම දිස්ත්‍රික්කවලට පැමිණ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීම, නාමල් රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පැමිණීමට හේතූ වූ බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරුව කණ්ඩායම් නායක එස්.පී.ජානක නලීන් මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරයි.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“සමහරුන් මතයක යවනවා අපේ පක්ෂයේ ජාතික සංවිධායකවරයා ඡන්දේ ඉල්ලන්නේ නැතුව ජාතික ලැයිස්තුවෙන් ආවා කියලා. ඒ තින්දුව ගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය එකතු වෙලා එහිඩී අපි යෝජනා කළේ නාමල් රාජපක්ෂ කියන්නේ අවුරුදු 38ක තරුණයෙක්. ඒ තරුණයා මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශ්පාලනයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ අපේ රටේ කවදාහරි නායකයා නාමල් රාජපක්ෂ නිසා මේ රටේම මැතිවරණ ජයග්‍රහණය සඳහා ලංකාවේ දිස්ත්‍රික්ක වලට එක්කයන එක අපේ පක්ෂයේ වගකීමක්. ඒ නිසා තමයි ඒ යෝජනා කළේ එතුමට එක් දිස්ත්‍රික්කයකට සීමා වෙන්නේ නැතුව ලැයිස්තුවට ඇවිල්ලා අපේ සෑම දිස්ත්‍රීකයකටම ඇවිල්ලා පක්ෂයේ ජයග්‍රහණය සඳහා කැපවෙන්න කියන යෝජනාව.”