Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චන්දික හතුරුසිංහගේ සේවය පැය 48කට අත්හිටුවයි

2 years ago

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහගේ සේවය විනය හේතුමත වහාම අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඔහුගේ සේවය පැය 48කට අත්හිටුවා ඇති බවත්, වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය නිම කිරීමට කටයුතු කරන බවත් වාර්තා වනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී හතුරුසිංහ බංග්ලාදේශයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස දෙවැනි වරටත් එම කණ්ඩායම සමග එක්වුණා.

නමුත් හිටපු නායකයින් මෙන්ම වර්තමාන එරට ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් ද හතුරුසිංහ ව නැවත එක්කර ගැනීම සම්බන්ධයෙන් විවේචන සිදු කර තිබුණා.

හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලිය තෙක් අන්තර්වාර පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.